වින්ඩෝස්
වලට දාපු පාස්වර්ඩ් එක අමතක වෙන එක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. එහෙමත්
නැතිනම් Administrator ගිණුමේ හෝ වෙනත් ගිනුමක පාස්වර්ඩ් එක හොයා ගන්න බැරි
කම. Command Prompt එකෙන් කරන්න පුළුවන් කියලා ගොඩක් අය කීවට ඒක
ගොඩක් අයට සාර්ථක නෑ. ඒක නිසා අද මම කියලා දෙන්නේ බොහොම ප්‍රයෝජනවත් දෙයක්
ගැන. හැබැයි අමතක කරන්න එපා වැරදි විදියට මේක යොදා ගන්න එපා. නරක කෙනෙකුට
මේක ලැබුනොත් ප්‍රතිපලයත් නරකයි . ඒත් මම මේක නරක දේකට කියල දෙනවා නෙවෙයි.
ඉගෙන ගන්න කියල දෙන දෙයක් පමණයි.
මේකට ඉස්සර වෙලාම සොෆ්ට්වෙයාර් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕන වෙනවා ටිකක්
විතර ලොකු එකක්. CD එකකට දාගන්න පුළුවන්. ඒක මෙන්න මේ පිටුවේ තියෙනවා
බාගන්න.
එහෙමත් නැතිනම් මේ ලින්ක් එකෙන් කෙලින්ම බාගන්නත් පුළුවන්.
මේක
බාගෙන Extract කර ගන්නත් අමතක කරන්න එපා. මොකද .ZIP විදියටනේ තියෙන්නේ.
Extract කරගත්තම ඒකේ ඇති .ISO ෆයිල් එකක්. ඒක CD එකකට Write කරගන්න. ඒ වගේම
තමන්ගේ පරිගණකයේ Boot Order එක CD/DVD ROM කියන එකට යොමු කර තිබිය යුතුයි.
එතකොට මුලික පියවර අවසානයි. Hirens BootCD එකේ අපට අවශ්‍ය වන තවත් ගොඩක්
සොෆ්ට්වෙයාර් වර්ග තියෙනවා ඒ ගැනත් විස්තර බලාගන්න පුළුවන් මෙන්න මේ ලින්ක්
එකෙන් .
මෙතැන් සිට ඔබ විසින් මෙය කල යුතු ආකාරය පහත වීඩියෝ දර්ශනය මගින් බලාගන්න පුළුවන්.
( ප්‍රමාණය කුඩාවැඩිනම් ප්‍රමාණය විශාල කර නරඹන්න )
වීඩියෝ දර්ශනය නැරඹීමට අපහසුනම් පහත රූප මගින්ද ඔබට මෙය පහසුවෙන් කරගැනීමේ හැකියාව තියෙනවා.
0 comments:
Post a Comment