Free Download Avatar The Pc Game

                    නොමිලේ Avatar PC  ගේම්ස් එක බාගන්න


ඔන්න එහෙනම් soft lanka එකේ යාලුවන්ට මන් පට්ට game එකක් අරන් ආවා...එහෙනම් වැඩි කතා නැතුව කෙලින්ම කියමුකො මොකක්ද මේ කියල...මේක තමා avatar the pc game එක මේක ගහල තියෙන අයත් ඇති ඒත නැති අයටයි මේ ඔන්න direct බාගන්න කට්ටියට direct බාගන්නත් torrent බාගන්න කට්ටියට torrent බාගන්නත් මම ගෙනාව.......මේ ලිපිය ඔයාලට වැදගත් උනානම් like එකක් නොදා යන්න අමතක කරන්න එපා..

ඉට කලින් ඔය යට තියේන Systemrequriment ටික බලලා ඉන්නකෝ..

Minimum System Requirements:
Recommended System Requirements:
CPU:3.2 Ghz Intel® Pentium® 4, 2.66 Ghz Intel® Pentium® D, AMD Athlon™ 64 3500+ or better


CPU:Intel® Core® 2 Duo Family, AMD Athlon™ 64 X2 5200+, AMD Phenom™ or better

RAM:
http://gamesystemrequirements.com/
1 GB
(2 GB minimum for Windows Vista® and Windows® 7)


RAM:
http://gamesystemrequirements.com/
2 GB

VGA:256 MB DirectX® 10.0-compliant video card or DirectX 9.0-compliant card with Shader Model 3.0 or higher, See supported List*


VGA:512 MB DirectX® 10.0-compliant video card or DirectX 9.0-compliant card with Shader Model 3.0 or higher, See supported List*

DX:DirectX 9.0 (included), DirectX 10


DX:DirectX 9.0 (included), DirectX 10

OS:
http://gamesystemrequirements.com/
Windows® XP, Windows Vista®, Windows® 7 (only)


OS:
http://gamesystemrequirements.com/
Windows® XP, Windows Vista®, Windows® 7 (only)

HDD:4 GB

HDD:4 GB
Sound:DirectX 9.0-compliant sound card

Sound:DirectX 9.0-compliant 5.1 sound card
Network:128 kbps Broadband connection

Network:256 kbps Broadband connection
Recommended peripheral:Windows-compliant mouse, keyboard, headset
Note: *SUPPORTED VIDEO CARDS AT TIME OF RELEASE: ATI® RADEON® 1650-1950 / HD 2000/3000/4000 series NVIDIA GeForce™ 200 series and 6800/7000/8000/9000 series * 8800M and 8700M laptop cards are supported. Other laptop versions of the cards listed above may work but are NOT supported. Laptop models of these cards may work but are not supported.

direct බාගන්න කට්ටිය මේ ලින්ක් වලින් බාගන්න​

>>>>>download james camerons avatar game direct link one<<<<<<<

>>>>>download james camerons avatar game direct link two<<<<<<

torrnetz බාගන්න කට්ටිය මේ ලින්ක් වලින් බාගන්න​

>>>>>>download james camerons avatar game torrentz download link one<<<<<<

>>>>>>download james camerons avatar game torrentz download link two<<<<<<<

>>>>>>download james camerons avatar game torrentz download link 3<<<<<<<<<

මෙන්න screenshots



හරි එහෙනම් අපි ගිහින් එන්නම් ඔයාලගෙ වටිනා අදහස් පහතින් දක්වන්න අමතක කරන්න එපා....





Phone Number Last Number to Calculate you Birthday

            Phone Number එකේ අවසාන ඉලක්කමෙන් වයස කියන                                    සොෆ්ට්වෙයා එකක් උෂාන්ගෙන් 

 

මෙන්න මගේ ඔයාලට සුපිරිම සොෆ්ට්වෙයා එකක්. මේකෙන් ඔයාලගේ Phone නම්බරේ ගහල වයස දැනගන්න පුළුවන් 5KB තරම්  පොඩි එකක් මේ සොෆ්ට්වෙයා එක නිර්මාණය කරේ උෂාන් වන මම විසින්  පහලට ගිහින් download කරගෙන කොහොමද කියල බලන්නකෝ
http://adf.ly/cpQKm
                   තවත් ඔබගේ පරිගණක දැනුම වැඩිකරගන්න පහත ලින්ක් එකට පිවිසෙන්න

                                                  Priganaka weerayoo



Hacking Black Track Belt

         හක්කරන්න Black Track(හැක් කරන්න කලුපටි ගහගන්න)


  හලෝ යාලුවනේ කස්ටියටම ඉතින් කොහොමද.....අදත් ඉතින් මම වෙනදා ගෙනවා වගේ හැක්කරන්න පෝඩි සෝෆ්ට් කැල්ලක් ගෙනාවා කස්ටියටම දැන ගන්න...

මං හිතන්නේ නම් ගොඩක් අය මේ ගැන දන්නවා ඇති.... අලුතෙන් කියලා කියන්න ඕනේ නෑනේ...
ඒත් පොඩි හැදින්වීමක් දෙන්නම් මම....මේ ඇවිල්ලා Opensource වින්ඩෝස් වගේ එකක්.... නමුත් වින්ඩෝස් වලට වඩා ගොඩක් වෙනස් මෙහෙයුම් පද්දතියක්..... හරියට අල්ල ගන්න නම් ඉතින් ටික කාලයක් යනවා.Opensource වල ගොඩක් වර්ග තියෙනවා.... Linux,Ubuntu,Fedora,Kubuntu,Redhat(hacking),Backtrack(hacking) වගේ දේවල්..තව තියෙනවා ටිකක් කියුවාම ඇතිනේ......ඉතින් මන් දැන් දෙන්න යන එකේ කරන්න තියෙන වඩ ටිකක් වෙනස්....
මෙහෙම කියුවොත්..අපේ උන් ඉන්නවනේ හැකින් කියුවොත් කන එක පවා දාලා එන උන් කියලා...
අන්න ඒ අයටයි..... අනිත් අයටයි තමා මේක දෙන්නේ......
අනන් මනන් කරන්නේ නැතුව අලුත් දෙයක් ඉගෙන ගන්න තියෙනව නම් කොච්චර දෙයක්ද නේද....
Opensource වලින් කරන්න බැරි දෙයක් නෑ මචංලා..මගේ නැති උන Files ඔක්කොම Ubuntu වලින් ගන්න පුලුවන් උනා...ඒ දෙවල් කර ගත්තේ දැනගෙන නෙවේ......... නමුත් දැන් නම් අව්ලක් නෑ....ඉතින් දන්න දේවල් කියල දෙන්නත් ඕනනේ...මගේ නෑනේ ලොකු සීන්.ඒත් සමහර අය නම් එහෙම හිතන් ඉන්නවා...දන්නෝ දනිති......මම දෙන්නම් පහලින් Backtrack කියන OS එකේ අලුත්ම සංස්කරණය...හිමීට බාන්න ටොරන්ට් ලින්ක් දෙන්නම්....

මෙන්න අරමං කියපු පොඩි සොෆ්ට් එක ගන්න එහෙනම්....



                                                                    Torrent File



Direct Download BT5 (64bit ISO)
Direct Download-BT5 (32bit ISO)
Direct Download BT5 R2 (32bit ISO)
Direct Download BT5R2 (64bt ISO)


More Torrent Downloads (තව දුරටත් ඩවුන්ලොඩ් කරගන්න)

BT 32Bit
BT 64Bit

එහෙනම් මම ගියා තවත් දෙයකින් හමු වෙමු.....!!!!

Slow Remove to You Game

                     ස්ලෝවු වෙන්නේ නැතිව game ගහන්න​



හරි ඔන්න මම හොද බාන්ඩයක් ගෙනාව  ගොඩාක් යාලුවෝ මේකෙන් වැඩ කරන හැටි දන්නේ නෑ ඔන්න ඒ හින් දා මන් හිතුවා ඒගැන කියලා දෙන්න..මේකෙන් කරන්නේ ඔයාගෙ computer එකේ slow වෙලා තියෙන game speed කරන එක​  මෙච්චරයි කරන්න
 
තියෙන්නේ මුලින්ම මේක download කරගෙන install කරගන්න ඊට පස්සේ open කරගන්න දැන් බලන්න ඒක යට තියෙනව add කියල botten එකක් ඒක click කරල ඔයාට ඕනි game එක select කරල open කරගන්න දැන් ඒක ආවහම එක පාරක් ඒක උඩ සිලෙක්ට් කරලා boost and lunch කියන botten එක ක්ලික් කරන්න දැන් ටික වෙලාවක් යද්දි game එක open වෙයි ස්පීඩ් එක නියමයි නේද​?????

හරි එහේනම් අපි ගියා ඔයාලගේ වටිනා අදහස් යටින් දාලයන්න අමතක කරන්න එපා

Southern Korean Search for 5G

                        දකුණු කොරියාවෙන් සොයා ගත් 5G


ලෝකයේ දියුණු රටවල් රාශියක් 4G අන්තර්ජාල සේවය ව්‍යාප්ත කිරීමට සැරසෙද්දී දකුණු කොරියාව විසින් 5G සඳහා මුදල් ආයෝජනය කර තිබේ.

දැනට දකුණු කොරියාවේ තිබෙන 4G හරහා උපරිමව තත්පරයට මෙගාබයිට් 75ක් ඩවුන්ලෝඩ් කරගත හැකිය. ඒ අනුව මෙගාබයිට් 800ක චිත්‍රපටයක් බාගත කිරීමට තත්පර 40ක් ගතවේ. නමුත් 5G වලින් ඒ සඳහා ගතවන කාලය තත්පරයකි.

ලෝකයේ වේගවත්ම අන්තර්ජාල සබඳතා තිබෙන රටවල් 10 අතර දකුණු කොරියාවද සිටී. ඇමරිකාවේ අන්තර්ජාලවේගයන්ගේ සාමාන්‍ය අගයට වඩා දකුණු කොරියාවේ වේගය 65%කින් වැඩිය
මෙම 5G ව්‍යාපෘතිය සඳහා සඳහා ඔවුන් විසින් ඩොලර් බිලියන 1.5ක් ආයෝජනය කර තිබෙන බවයි එරට විද්‍යා හා තාක්ෂණික අමාත්‍යාංශය නිවේදනය කර තිබෙන්නේ.මෙම ව්‍යාපෘතියේ අත්හදාබැලීමේ කටයුතු තවත් වසර 3කින් හෙවත් 2017දී ආරම්භ කරන අතර 2020 දී එරට ජනතාවට 5G ජාලය භාවිතා කළ හැකිය. අල්ට්‍රා HD වීඩියෝ හා හොලෝග්‍රම් වීඩියෝ සම්ප්‍රේෂනය සඳහා මෙය බොහෝ ප්‍රයෝජනවත්වේ යැයි අපේක්ෂා කරයි.
  ලෝකයේ ජංගම දුරකථන නිෂ්පාදනයෙන් 30%ක බලය අල්ලා සිටින්නේ කොරියාවයි. එම නිසා LG හා සැම්සුන් සමාගම් හා එක්ව 5G සඳහා අවශ්‍ය ජංගම දුරකථන ඉදිරියේදී නිපදවීමටද දකුණු කොරියාව බලාපොරොත්තුවේ.
   පසුගිය මැයි මාසයේ සැම්සුන් සමාගම විසින් නිවේදනය කළේ තම සමාගම 5G ජාලය අත් හදා බැලූ බවයි. ඒ අනුව ගිගාබයිට් එකක් තත්පරයත් තුලදී කිලෝමීටර් 2ක දුරක් යවා පරීක්ෂා කර තිබේ. ඒ සඳහා ඇන්ටනා 64ක් භාවිතා කර තිබුණි.

Like To Like Super Mario Forever 2013



කොච්චර ගැහුවත් එපා වෙන්නේ නැති super mario forever 2013
 

මෙන්න මචන්ලා සුපිරි game එකක් මේකේ නමින්ම ඔයාල දන්නවා ඇතිනේ මේ game එක මොකක්ද කියල ඔන්න ඔයාල හැමෝම ආසාවෙන් ගහපු super mario game එකේ super mario forever 2012

එක අරන් තමා අද මම ආවේ..... ඇත්තටම මේ game එකෙන් සුපිරි fun එකක් ගන්න පුලුවන් මාත් ගහපු හින්ද කියන්නේ ඔන්න download කරගෙන බලන්නකෝ මේකේ game එක 70mb විතරයි ඔන්න අනිත් games  වලට වගේ ලොකු ලොකු ram,vga ඕනි නෑ  ..... මේක වැඩක් නෑ කියල හිතන අයත් ඇතිනේ ඔන්න් ඒ අය මන් පල්ලෙහා දාල තියෙන screenshots ටික බලන්න අනිවාරෙන් ගහන්න හිතෙයි ඔන්න යාලුවනේ මම එහෙනම් යනවා.....

මෙන්න game එක මෙතනින් බාගන්න​....


http://www.mediafire.com/download/le17va29vg20zum/New+Super+Mario+Forever.rar

මෙන්න screenshots..........................






C# sinhala Lesson 2

                      C# සිංහල පාඩම් මාලාව ( 2 කොටස )

ආයුබෝවන් අපි සමග රැදී සිටිට හැමෝටම. C# සිංහල පාඩම් මාලාවේ පලමු පාඩමත් එක්කම වගේ දෙවන කොටසත් දෙන්නෙ තාම අපි කතාකරන්නෙ C# වල මූලික කරුණු නිසායි.
හොදයි අද අපි දෙවන පාඩමින් Microsoft Visual Studio 2013 වල අතුරු මුහුණතේ ( Interface ) ඇති දෑ ගැන දැනගමු. මෙය ඉතා වැදගත් වනු ඇත. මන් මෙහි මූලිකව වැදගත් වන සියල්ලෙහි Interface හා ඒ එකිනෙකින් වන දෑ කෙටියෙන් විස්තර කර ඇත. මෙහි ඇති රූප මත Click කිරීමෙන් විශාල කර බැලිය හැක. 
Microsoft Visual Studio 2013 ඔබේ පරිගනකයට Install කර ගත් පසු open කිරීමේදී ඔබට දිස් වන්නේ මේ ආකාරයටයි. පළමු විවෘත කිරීමේදී නම් ඔබට Theme එකක් තෝරා ගැනීමට එනව. ඉතින් ඔබ කැමති එකක් තෝරන්න. 

ඉන් පසු ඔබට දිස් වන්නෙ පහල තිබෙන ප්‍රධාන Interface එකයි. මෙයින් ඔබට අලුත් Project එකක් ආරම්භ කිරීමට, Projectඑකක් Open කර ගැනීමට හැක. එමෙන්ම ඔබ කලින් කල Project ද මෙහි දිස්වේ. රූප මත Click කිරීමෙන් විශාල කර බැලිය හැක


ඔබ මෙයින් New Project යන්න තෝරන්න. එවිට ලැබෙන්නේ පහත ආකාරයෙ Dialog Box එකකි.






රූපයේ ආකාරයට ඔබට වම් පස පැනලයෙන් Visual C# යන්න මූලිකව තෝරා  එයින් Windows යන්න තෝරා ගත හැක. ඉන් පසු මැද ඇති පැනලයෙන් Windows Form Application යන්න තෝරා Name ඉදිරියෙන් ඔබ සාදන Project එකේ නම ලබා දී එය Save වීමට අවශ්‍ය තැන Location ඉදිරියෙන් ලබා දිය යුතුය. මේ සදහා Brows Button එක යොදා ගත හැක. මෙම සැකසුම් නිවැරදිව සිදුකිරීම අනිවාර්ය වේ. එම සැකසුම් වලට පසුව OK කල යුතුය. ඉන් පසුව ලැබෙන්නේ පහත ආකාරයේ Main Interface එකකි.


මෙහි ඇති වැදගත් දෑ මන් විස්තර කර ඇති බැවින් රූප මත Click කිරීමෙන් විශාල කර බැලිය හැක. මෙම මූලික දෑ ඔබට ප්‍රමාණවත්වනු ඇත.
Toolbar එකේ වැදගත් දේ මන් පහලින් දක්වා ඇති බැවින් රූප මත Click කිරීමෙන් විශාල කර බැලිය හැක.
මන් මෙම දෙවන පාඩමින් ඔබට ඉදිරිපත් කලේ Program ලිවීමට ප්‍රථමයෙන් ඔබ දැන ගත යුතු මෙන්ම ඔබගේ ඇසට හුරු කර ගත යුතු විශේෂ දෑය. අපි තුන් වන පාඩමින් C# වල මූලික සංකල්ප ගැන සාකච්ඡා කරමු. කියවන අයට ගොඩක් කම්මැලි ඇති. ඒත් මූලික දේවල් නැතුව ඉස්සරහට ගියොත් අමාරු වෙනව තේරුම් ගන්න. ඒ නිසා අපි මේ මූලික දේවල් ඉක්මනට ඉවර කරල ගොඩක් ආස හිතෙන දේවල් වලට යමු. අද පාඩම කෙටි උනාට මේ අත්තිවාරම නැතුව ඉදිරියට යන්න බෑ. ඉතින් අපි ඊලග පාඩමින් හමුවෙමු.  ගැටලු තියනවනම් අපට ඉදිරිපත් කරන්න.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.


Sri Lankan All Blog Site Now For One Place To Sri Lankan Blogs App now Reales

ශ්‍රී ලංකාවේ සියලු බ්ලොග් අඩවි එක තැනකට ගෙන එන Sri Lankan Blog App දැන් නිකුත් වුනා

ශ්‍රී ලංකාවේ සියලු බ්ලොග් අඩවි එක තැනකට ගෙන එමින් ශ්‍රී ලංකාවේ සියලු බ්ලොග් අඩවි වලට පහසුවෙන් යාමට Sri Lankan Blog App සූදානම්. මෙම Project එක මීට ගොඩක් කාලෙකට පෙර ආරම්භ කිරීමට එලසුම් කර තිබුනත් නොයෙක් හේතූන් මත යට ගියා. එහෙත් දැන් මෙම Project එක සූදානම්. 
ඉතින් සියලුම බ්ලොග් කියවන්නන් මෙය Download කරගන්න. ඒ වගේම බ්ලොග් ලියන්නන් මෙය ඔබගේ අඩවියෙන් ඔබගේ බ්ලොගය කියවන්නන්ට ලබා දෙන්න. ශ්‍රීලංකාවේ සියලු බ්ලොග් අඩවි ඔබගේ පරිගණකයේ තිරය මතට ගෙන ඒමට දරන මේ උත්සාහයට ඔබත් දායක වන්න.
බ්ලොග් ලියන්නන් මෙහි Download Widget එක ඔබගේ බ්ලොග් අඩවියට ඇතුලත් කර ගන්න. ඔබගේ අඩවියත් ඔබගේ බ්ලොග් අඩවිය කියවන්නන්ගේ පරිගණකයේ තිරය මතට ගෙන ඒමට ඔබත් දායක වන්න. 


Joing And Share You Technolgy.That Relly Group on Fcebook

 මෙන්න ජෝයින් වෙලා පරිගණක දැනුම බෙදා ගන්න නියම ෆේස්බුක් ගෘප් එකක්  ..පරිගනක වීරයෝ.. .. Pariganaka Weerayoo..

සහෝදර වරුනි අපි හැමෝම පරිගණකය භාවිතා කලාට පරිගණකයේ ඇති බොහෝ දේවල් හරියට දන්නේ නෑ. ඉතින් තමන් හරියට දන්නේ නැති  දේවල් අහගන්න, ඒවගේම ඒ ගැන දන්නා අය ඉන්නවනම් කියලා දෙන්න ඒවගේම තමන්ට හම්බ වෙන අලුත් අලුත් දේවල් ගැන අනෙක් අයට කියන්න දැන් අපිට පුළුවන්. මම හැමෝටම ආරාධනා කරනවා " පරිගණක වීරයෝ " තුලින් තමන්ගේ ප්‍රශ්න වලට ගැටළු ඒ වගේම ඒවාට පිළිතුරු ලබාගන්න තමන්ගේ දැනුම බෙදා දෙන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඔයාලට පුළුවන් තමන්ගේ යාළුවොත් මේකට සම්භන්ධ කරන්න. නොදන්නා දේවල් දැනගන්න එයාලටත් මේක ලොකු උදව්වක් වෙයි.

තවද ඔබත් මෙම ගෘප් එකට ජොයින් වෙලා අත්විදින දැනුම් සම්භාරය අනෙක් යහළුවන් වෙත ලබාදීමට ඔබට හැකියාව ඇත. ඒ සදහා ඔබ පහත පියවර අනුගමනය කරන්න...


කරුණාකර ඔබගේ සහයෝගය ලබාදෙන්න

මේ ගෘපය තුල blog කතුවරුන් රාශියක් ඇති අතර ලිපි කියවා ඉගෙන ගැනීමට එන පිරිසක්ද සිටිනු ඇත . එහෙයින් මේ ගෘපය තුල සිටින සාමාජිකයන් ගණන වැඩි වීම අප හැම දෙනාටම වැදගත් කරුණකි .එම නිසා කරුණාකර පහල ඇති උපදෙස් පරිදි සිදුකර සහයෝගයක් ලබාදෙන්න .ස්තුති

1. ඇඩ් කරන්න ඕනි Group එක https://www.facebook.com/groups/pariganakaweerayo/

2. කරන්නෙ මෙහෙමයි. . මුලින්ම ඔය උඩින් දීපු ලින්ක් එක ඕපන් කරන්න.


3. දැන් browser එකට Right click කරල Inspect element ගිහිල්ල Console කියන ටැබ් එකට යන්න.  




4. ඒකේ මවුස් කර්සර් එක තියෙන තැනට මන් පහලින් දෙන කෝඩ් එක අරගෙන කොපි කරල පේස්ට් කරන්න. දැන් එන්ටර් කරන්න.

5. එතකොට ඔයාලට යහලුවන් එකතු වෙනවා පෙනෙයි.


6. එකතු වෙලා ඉවර වුනාම refresh කරන්න.


7. මෙන්න මේක https://www.dropbox.com/s/vz73ijcrnht1v5j/text.txt තමයි මන් උඩින් කියුව කෝඩ් එක.

හරි. ඔයාල මේක කරයි කියල හිතනවා මන්. ඔයාලගෙ යහලුවොන්ටත් කියන්න මේක. අපි හොද ගෘප් එකක් හදමු.. ඔයාලත් පුලුවන් උපරිම ඇඩ් කරන්න. කැමති අය හොදේ. මේකෙ කොන්දේසි නැතිව ඔයාලගෙ බ්ලොග් ලිපි දාන්න වගේම ඕනෙම දෙයක් දැනගන්නත් පුළුවන්


You House You Hand Disinig..

ඔබගේ නිවස ඔබේ අතින්ම ඩිසයින් කරගන්න. (ගෘහ නිර්මාණ කරනය සදහාම වෙන්වූ මෘදුකාංගයක්…)

මේ තමා මගේ මුල්ම සොප්ට්වෙයා රිවීව් එක ඉදිරියටත් මම මේ වගේ ටිකක් වෙනස් ටූල් ගැන කතා කරනවා.

මෘදුකාංගය ගැන>>>





මේකෙ නම තමයි රියල් ටයිම් ලෑන්ඩ්ස්කේප් ආකිටෙච්. මේක අපිට ට්‍රයල් වර්ෂන් එකක් විදියට තමයි ලැබෙන්නේ මොකද අපි දුප්පත්නෙ සොප්ට්වෙයා ගන්න සල්ලි නෑ අපිට. මේ ට්‍රයල් වර්ෂන් එක ටයිම් බේස් ට්‍රයල් වර්ෂන් එකක් නෙමෙයි සර්විස් බේස් ට්‍රයල් එකක්. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ ගෙයක් වගේ දෙයක් නිර්මාණය කරගැනීම. මෙහි සියලුම නිවසක අඩංගු විය යුතු කරුනු ඇතුලත් කර සැකසූවක් කීවොත් නිවැරදියි. ස්විමිං පූල්ස්, ගස් වර්ග, මෙටල්ස් ආදී සියල්ල මෙයට ඇතුළත් කර ඇත අපට සිදුවන්නේ එය අපට අවශය තැනට තිබීම පමණකි ඔබ දන්නවා සාමාන්‍යයෙන් බිල්ඩින් ඩිසයිනර්ස්ලා කොච්චර චාර්ජ් කරනවද කියලා එය ඉතා ලොකු මුදලක්. ඉතින් ඔබට පුළුවන් මේ වගේ ටූල් එකක් යූස් කරලා තමන්ගේ නිවස තමාගේ අතින්ම ඇද ගන්න ජොතිෂ්‍ය අවුල් තියෙයි නමුත් ඩිසයින් එක ඔබේ වෙන කවුරුත් ඩිසයින් කරපු ගෙයක ඉන්නවාට වඩා තමන්ගේම ඩිසයින් එකක් ඇතුලෙ ජීවත් වෙන එක මට නම් නම්බුයි….. ඒ විතරක් නෙමෙයි මෙහි තවත් අංගයක් වන්නේ ඔබේ නිවස රාත්‍රියට දිස් වන්නේ කෙසේද කියා නිවස සැදීමට මත්තේන්ම පරීක්ෂා කිරීමට හැකි වීමයි.. ඉතින් වැඩිය මුකුත් කියන්නේ නෑ ඊලගට කවුරුහරි අහයිද දන්නෑ මේකේ වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් දාලා ට්‍රයි කරලා බලන්න.
http://www.ideaspectrum.com/arch_trial.php


ඉතින් ඔයාලා මේක යූස් කරලා බලන්න ඇත්තටම වටින ටූල් එකක් මේක...
කොමෙන්ට් පාරක් දාල යන්න අමතක කරන්න එපා ....


YOu Blog Site TO Super Comment System.

මෙන්න ඔබේ බ්ලොග් අඩවියටත් සුපිරි Comment System එකක්

http://media02.hongkiat.com/wordpress-more-trick-hacks/intense-debate.jpg

අද මන් අරන් ආවෙ බ්ලොග් කරන යාලුවන්ට සුපිරි Comment System එකක්. වැඩි කතා ඕනෙ නෑ. Facebook Comments උනත් දැන් අමාරුවෙන් Add කරන්න ඕනෙ නෑ. මෙම සේවාවෙන් එම පසුකමත් ලබා ගන්න පුලුවන්. පහත අඩවියට ගොස් Account එකක් හදා ගන්න ඕනෙ මුලින්ම.
Go to IntenseDebate


වැඩේ අමාරු වෙන එකක් නෑ ඔයාලගෙ Template එක download කරල මේ අඩවියට  Upload කල පසු ඔබට අලුත් code එකක් ලැබෙනව. එය ඔයාලගෙ බ්ලොග් එකේ dashboard එකෙන් Template ගොස් එහි Edit HTML වල  සම්පූර්ණ code එක වෙනුවට paste කල යුතුය. ගැටලුවක් ආවොත් අපෙන් අහන්න.

Go to IntenseDebate

මම IT දැනුම බෙදාගමු බ්ලොග් අඩවියේ Admin, හර්ෂ සමරනායක.

GTA V The System Requirements

           GTA V ගහන්න අසද ගහන්න කලින් මෙකත් කියවලාම ගන්න



GTA V System Requirements

.........................................

GTA V PC gives its gamer all the time and new ways to enjoy his/her game experience with new maps, new missions, new technology and a whole new set of movement player can do almost anything he want from to live a life to take a life.

Two main maps in which the game play is set are the Los Santos and Blaine Country. Moreover, it is an open world featuring game hence enabling players to explore the map even at the start of game.
.........................................................................................
Characters:

GTA V PC contains three main characters:-

Franklin (A street kid who strives to mark high)
Michael (A professional ex-con which has a high knowledge of criminal activity)
Trevor (Violent maniac and an insane person who like to inflict pain)
GTA V PC has a twisted game play such that the player is able to play the life of all three characters from time to time. One of the best features of game is the grand heist pulled by all three characters.
.............................................................................
GTA V PC Predicted System Requirements:

Minimum Requirements:

Intel:

Core 2 Duo E4600 2.4GHz
GeForce GT 340
2 GB RAM
Windows XP or 7
DirectX 10.0
32 GB Hard drive
AMD:

Athlon 64 X2 Dual Core 5400+
Radeon HD 3800 series
2 GB RAM
Windows XP or 7
DirectX 10.0
32 GB Hard drive
Maximum Requirements:

Intel:

Core i5-2500T 2.3GHz
GeForce GTX 480
6 GB RAM
Windows 7-64 bit
DirectX 11.0
32 GB Hard drive
AMD:

Phenom II X4 975
Radeon HD 6970
6 GB RAM
Windows 7-64 bit
DirectX 11.0
32 GB Hard drive
Also, the users have the choice to run games according to its system specifications and to adjust the game graphics to the level he/she enjoys. GTA V unpacks a whole new world of gaming and fun. GTA V has already been released for PS 3 and Xbox 360
im ushan sapumal..............

      pc rls date


YouTube Downloader Pro On Life Time..

                  යුටියුබ් ඩවුන්ලෝඩර් ප්‍රෝ ජීවිත කාලෙටම.


හරි අද අපි ඔයාලට දෙන්න යන්නේ ඔයාලා කවුරුත් දන්න YTD එහේමත් නැත්නම්  YouTube Downloader කියන එක එක එහෙම කියුවට මෙක ඇවිල්ලා ප්‍රෝ එක(Pro).මෙක ඔයාලට ගන්න ගියෝතින් ඔයාලට ගන්න පුලුවන් වෙන්නේ ගේවලා.එක හින්දා මම හිතුවා ඔයාලට මෙක Free දෙන්න.මෙක ඔයාලට තියෙන වාසී තමයි ඔයාලා Download කරන Video එක එ වෙලාවෙම Convert කරලම බාගන්න පුලුවන්.මෙක තියෙන අනිත් වාසිය තමයි ඔයාලට එ වීඩියෝව HD ය අඩු උනත් එක් HD කරලා ගන්න පුලුවන්.මම ඒ සෝෆ්ට් එක යටින් දාන්නම් බාගේනම ඉන්නකෝ..

https://www.mediafire.com/?gxuphshu3dvek22
හරි මම හිතනවා ඔයාලා දැන් ඔක සාමන්‍ය විදියට සේටප් කරගන්න.ඊට පස්සේ එක සේටප් වෙලා ඉවර උනාම ඩෙස්ක්ටොප් එකේ හැදෙන Shortcut එකේ රයිට් ක්ලික් කරලා Propeties ගිහිල්ලා Open File Location යන්න ක්ලික් කරන්න.දැන් ඔයා ඩවුන්ලෝඩ් කරගනිපු ෆයිල් එකේ ක්‍රැක් කියන ෆෝල්ඩර් එකේ තියෙන ෆයල් එක කොපි කරගෙන අපි ඉස්සේල්ලා ගිය ෆෝල්ඩර් එකට පේස්ට් කරන්න.කරලා ඒ ඒ ෆෝල්ඩර් වලින් අයින වෙන්න.දැන් ඔයා YTD Download කියන සෝෆ්ට් එක ඔපන් කරලා බලන්න.කෝහෝමද නියමයි නේ.ඔයා දැන් එකේන් විඩියෝ කන්වෙට් කර කර ඩවුන්ලෝඩ් කරලම බලන්නකෝ..

හරි ඔයාලට මේ ලිපිය ප්‍රෙයෝජනයක් උනානම් යටින් Comment එකක් දාලම යන්න.මොකද එතකොට තමයි පොඩි කික් එක්ක එන්නේ.යළුවන්ටත් කියන්න හෝදේ.එහේනම් කස්ටියටම ජය ශ්‍රී...!!! 

You Horoscope For 2014

2014 නව වසර සඳහා සියලු ලග්න වලට සවිස්තරාත්මක පොදු පලාපලය

 
 මේෂ ලග්නය
වසර ආරම්භයම යම්කිසි සුබාසුබ මිශ්‍රව ප්‍රතිඵල ලැබෙන කාලයකි. කරන කියන වැඩ කටයුතු සාර්ථක වීමට නව වසරේදී පුලුවන.

ධනය :
ධන තත්වය යහපත් වේ. ඒ 2014 වසරේ මුල් භාගයේ සිටම වෙයි. කරන කියන කටයුතු පහසුවෙන් කල හැක. එමෙන්ම අමතර ආදායම් ලැබීමට නියමයි. තවද දෙමාපියන්ගෙන් උරුමහරුමකම් ලැබේ. ඒ 2014 මැයි වල සිටය.
රැකි රක්ෂා :
රැකි රක්ෂා කටයුතු යහපත් වේ. නව රැකියා බලාපොරොත්තු වෙන අයට අලුත් රැකියා ලැබේ. මෙම වසරේ ඔබ රැකියාවෙදි හෝ රැකියාවක් බලාපොරොත්තු වන අයත් උත්සහවන්තව වැඩ කල යුතුය. ඔබ මන්දගාමි වීමට යම් ග්‍රහචාරයක් ලග්නයෙන් පෙනේ.
ගෘහ ජිවිතය : 2013 වසර පුරාවටම පැවති යම් යම් බාධක කරදර 2014 මැයි මසින් පසු පහවී යයි. නිවාස ඉදි කිරීමේ කටයුතු කර ගැනීමට පුලුවන. එසේම නව ගෘහ භාණ්ඩ හෝ සැප පහසුවට අවශ්‍ය වන බඩුභාණ්ඩ මිලදී ගත හැක. මව්පස ඥාතින්ගෙන් උදව් උපකාර ලැබේ. වසර මැද තෙක්ම විවාහ ජීවිතය තුල ඉවසීමෙන් කටයුතු කරන්න. අනියම් කම් සැප ලැබෙන කාලයකි. එයින් ගෘහ ජිවිතයේ සමගියට බාධා ඇතිවීමට පුලුවන.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. තරග විභාග ආදියෙන් ජුනි ජූලි මාස වලදි එයින් ජය ලැබේ.
සෞඛ්‍ය
වසර පටන් ගන්නේ, ඔබට යම් යම් සෞඛ්‍ය ගැටළු ඇති කරමින්ය. ලේ කෝප වීමේ රෝග සමේ රෝග, කලක් යටගොස් තිබුනු රෝග නැවත මතුවිම සෙම් රෝග, වැළදීමට ඉඩකඩ ඇත. මෙවැනි තත්වද 2014 මධ්‍ය කොටසෙදි පහවී යයි.
ශුභ දවස් : ඉරිදා, බ්‍රහස්පතින්දා


වෘෂභ
මේ වසර ඔබට ඉතාම ශුභයි.

ධනය :
මිල මුදල් ලැබේ, ආදායම් තත්වය යහපත් වේ. පෙර කුසල් ඵල දෙන කාලයකි. යම් කෙනෙක් නිසා ආදායම් වලට බාධා ඇතිවී ඇත්නම් ඒවා මඟහැරී යයි. මුදල් ඉතිරිය සිදුවේ. කලක් අමතකවී සිටි අයෙක්ගෙන් ආදායම් ලැබීමට නියමයි.
රැකි රක්ෂා
රැකියාවේ කටයුතු තරමක් සතුරු කරදර නිසා අවුල් වීමට පුලුවන. මෙම තත්වයත් 2014 මධ්‍ය කොටසේ සිට හරියයි. රැකියාවෙදි අනවශ්‍ය වගකීම් තමන් විසින්ම පටවා ගැනීම නොකල යුතුයි. එයින් අනවශ්‍ය කරදර වලට මුහුණ පෑමට සිදුවේ.
ගෘහ ජීවිතය : මේ වසර පසුගිය වසරේ මෙන් තරමක් දුරට නිවී සැනසිල්ලේ වාසය කිරීමට හැකියාව ලැබේ. සාමකාමිව ගතවේ. විසේස වශයෙන් ගත් කල සම ඵල ඇතිවේ.
සෞඛ්‍ය
යටි බඩේ අමාරු, මුත්‍රා අමාරු, ස්නායු වේදනා ඇතිවීමට පුලුවන. කුඩා දරුවන්ගෙ යටි පතුල් වල දද කුෂ්ඨ මතුවීමට පුලුවන.

මිථුන
මෙම වසර ශුභයි.

ධනය : පසුගිය වසරට කලින් වසර එනම් 2012 වසර, යම් යම් ආර්ථික වශයෙන් ඔබව පහලට ඇද දමන තත්වයක් තිබුනි. නව වසර උදා වන්නේ ඔබට ශුභදායක වෙනසක් ඇති කරගෙනය. එමනිසා උත්සාහයෙන් උනන්දුවෙන් වැඩ කිරීම ධන තත්වය දියුණු කරගැනීමට හේතුවේ. 2014 මැයි මස සිට ඉතාම යහපත්ය.
රැකි රක්ෂා
රැකියාවේ කටයුතු යහපත් වේ. කරන රැකියාවේ උසස්වීම් ලැබේ. අලුත් නිලතල ලැබේ. රැකියා බලාපොරොත්තු වන අයට රැකියා ලැබීමට පුලුවන. ඒ අතර විදේශ රැකියාද ඇත.
ගෘහ ජිවිතය
තරමක් ඉවසීමෙන් ගත කිරිමට පුලුවන. ඔබගේ ඇති පණ්ඩිතකම නිසා හෝ කේන්ති යාම නිසා ගෘහ ජිවිතය තුල ගැටුම් ඇතිවිමට පුලුවන. එය සෑහෙන කලකට පවතී. බුද්ධියෙන් මේ තත්වය සංසිඳවා ගත යුතුය. ඔබට එය කල හැක. දරුවන්ට සැරවැර වී තේරුමක් නැතිව ඔවුන්ට දඬුවම් දීමට සිත් ඇතිවේ. එවැනි පාපක්‍රියා නොකර දරුවන් ඉන්නා අය ඔවුන්ට ආදරේ කරන්න. ඔවුන් වෙනුවෙන් මහා පරිමාණයෙන් දියුණුවට මුදල් දීමට ඔබට පුලුවන. ඒ 2014 මධ්‍ය කොටසේ සිටය.
සෞඛ්‍ය
ප්‍රබල සෞඛ්‍ය ගැටළු නොපවතී. නිදන් ගත රෝග ඇති අය, රෝග පාලනයකට යොමුවීම යහපති.

කටක
ඔබට 2013 වසර මෙන්ම 2014 මධ්‍ය කොටස තෙක්, ප්‍රතිඵල රහිත වසරකි.

ධනය
තත්කාල ග්‍රහචාරයේ කිසිම සුභ ඵලයක් නොමැත. ආර්ථික වශයෙන් බිංදුවට ඇද දැමීමට පවතින ග්‍රහචාරය ඉවහල්ය. මෙහි සදහන් කරන්නට පුලුවන් කිසිම ශුභ ඵලයක් පෙනෙන්නට නම් නැත.
රැකි රක්ෂා
රැකි රක්ෂා අහිමිවීමට පුලුවන. බොහෝ කටක ලග්න අයගේ රැකියා ස්ථාන වල සතුරු කරදර පවති. යටින් උල්පන්දම් ඇල්ලීම කේලම් කියා රැකියා වලට වින කිරීම, ආයතන ප්‍රධානින් සමග සිත් බිදවීම විය හැකිය. රේගුව පොලිසිය ත්‍රිවිධ හමුදාව එමෙන්ම දේශපාලනඥයන් ඒ අය රැකියාවේ සුරක්ෂිත භාවය පිලිබදව විශේෂ අවදානයෙන් පසුවන්න.
ගෘහ ජිවිතය
ආරවුල් සහිත වේ. වැඩකට නැති යම් යම් කරුණු කාරණා නිසා ගෘහ ජීවිතයේ අනවශ්‍ය ගැටළු මතුවේ. ඉහත කීවාක් මෙන් අඹු දරුවන් හා අනවශ්‍ය ගැටුම් නිර්මාණය වේ. කටක ලග්නයේ උපන් අය මෙන්ම ඔවුන් හා විවාහ වී සිටින ස්වාමි භාර්යා යන දෙකොට්ඨාශයම ‘මනා ඉවසීමෙන්‘ කටයුතු කල යුතුය.
සෞඛ්‍ය
පපුවේ දැවිල්ල, ගෑස්ට්‍රයිටීස් රෝග, දණිස් අමාරුව වළලු කරේ ආබාධ, කෙණ්ඩ පෙරලීම, නිදන්ගත රෝග ඇති අයගේ රෝග සංකූලතා වැඩිවීම සිදුවිය හැක.

සිංහ
මෙම වසර පසුගිය වසර මෙන්ම සුබ අසුබ මිශ්‍රව ලැබෙන වසරකි.

ධනය : ආර්ථික තත්වය යහපත් වේ. ඒ නැතත් ආර්ථික තත්වයට බාධා වන ආකාරයට කිසිවක් සිදු නොවේ.
රැකි රක්ෂා
රැකියාවේ කටයුතු බාධාවකින් තොරව කරගත හැකිය. තමන්ගේ පවුලට සම්බන්ධ තමන්ගේම සහෝදරයෙක්ගෙන් ආර්ථික වාසි හෝ රැකියාවකට උදව්වක් ලැබේ. නව රැකියා බලාපොරොත්තු වන අයට දැන් දැන් සිටම එම තත්ව හිමිවේ.
ගෘහ ජිවිතය
යහපත් ලෙස ගතවනු ඇත. විශාල වශයෙන් අවුල් ඇති නොවේ. මැයි මසින් පසු අඹුසැමි ප්‍රීතිය ඇතිවේ. එසේම මේ ලග්නයේ අයට අනියම් ආකාරයට කම් සැප විඳීමට හැකි වන කාලයකි. එයින් පරිස්සම් වන්න.
සෞඛ්‍ය
සෞඛ්‍ය තත්වය, ඇඟ මහත්වීම බ්‍රහස්පති/ගුරුගේ බලපෑම නිසා සිදුවිය හැක. උෂ්ණාධික රෝග, මුත්‍රා රෝග ඇතිවීමට ඉඩකඩ ඇත.

කන්‍යා
ශුභ අසුබ මිශ්‍රව පවති.

ධනය
2013 වසර මෙන්ම මේ වසරද ආර්ථික වශයෙන් මහා පරිමාණ ගැටළු ඇති නොවේ. රැකියාවෙන් උපයා ගන්නා මුදල් ආරක්ෂා වේ. මහ පරිමාණ බිද වැටීමක් සිදු නොවේ. 2014 සිට ඉතාම ඉහල තත්වයට පත්වේ. විවාහ වී ඇති අයට භාර්යාවගේ හෝ ස්වාමි පුරුෂයාගේ යන පාර්ශව 2න්ම මිල මුදල් උදව් උපකාර ලැබේ. වරදක් නැත.
රැකි රක්ෂා
ආර්ථික තත්වය යහපත් වේ. රැකියාවල උසස් වීම් ලැබේ. තමන්ට ලැබෙන සමාජ සබදතා නිසා එයින් වාසි අත්වේ.
ගෘහ ජිවිතය
ප්‍රීතිමත්ව ගත වනු ඇත. විවාහස්ථානාධිපති බලවත් වන නිසා මැයි මස සිට යහපත් වේ.
සෞඛ්‍ය
ශරීර ස්කන්ධ දර්ශකය පාලනය කරගැනීම යහපත්ය. තරබාරුවීමට පුලුවන. එය පාලනය කරගන්න.

තුලා
සුබාසුබ මිශ්‍ර පල ලැබෙන වසරකි.

ධනය
ආර්ථික තත්වය යහපත් වේ. ඔබගේ කේන්තිකාර සහ ඉවසීමක් නැති යම් යම් ක්‍රියා නිසා ඔබට ලැබිය යුතු යම් යම් වරප්‍රසාද ඔබ විසින්ම අහිමි කරගනු ඇත. හිත පාලනය කරගැනීම ධන තත්වය දියුණු කරගැනීමට හේතු වේ. අනවශ්‍ය වියදම් වලින් පරිස්සම් වන්න.
රැකි රක්ෂා
රැකියාවේ කටයුතු යහපත්ය. එයට ඔබගේ කැපවීම සහ ඉවසීම උනන්දුව මේ කාලයේ තිබිය යුතුය. පෙර පින් බලය නිසා යම් යම් අවස්ථාවන් ලැබීමට පුලුවන. විදේශ රැකියාද ලැබීමට නියමයි. අනවශ්‍ය කලබලයෙන් ඈත් වන්න.
ගෘහ ජිවිතය
ගෘහ ජිවිතයද ප්‍රිතිමත්ව ගත කිරිමට පුලුවන. එයට ඔබගේ ඉවසීම අවශ්‍යයි. නිවසට අලුත් ගෘහ භාණ්ඩ යම් යම් දේවල් ලැබීමට පුලුවන. විවාහපේක්ෂක අයට වසරේ මුල් කොටසේදී විවාහවීමට හැකියාව ඇත. සිකුරු මහ දසා, බුද මහ දසා, ගුරු මහ දසා ගත කරන අයට එය එසේම වේ.
සෞඛ්‍ය
හිස සම්බන්ධ රෝග, මානසික ආතතිය, මානසික ගැටළු කේන්ති යාම නින්ද නොයාම දෙපා දණහිස් වේදනාව ඇතිවීමට පුලුවන. එමෙන්ම මුල් මාස 3-4 තුලදි අනතුරු වලක්වා ගැනිමට ක්‍රියාකල යුතුයි.

වෘශ්චික
මෙම ලග්නයේ අයට මෙම වසරේදි මුල් කොටස ඉතාම අයහපත්ය.

ධනය
ධන තත්වය ඉතාම පහත් මට්ටටේ පවති. කිසිම දියුණුවක්, ඉතිරියක් නැත. රැකියාවෙන් ලැබෙන වැටුප් තමන්ටත් හොරා වැයවේ. එසේම කිසිම ඉතුරුවක් නැතිව තවත් අයට ණය විමට පුලුවන. එමෙන්ම ගැරන්ට් ආදියට අත්සන් කොට එනම් ඇපයට අත්සන් කොට එම මුදල්ද තමන්ට ගෙවීමට හෝ නඩුහබ වලට පැටලීමට පුලුවන. ආර්ථික තත්වය දියුණු කරනවාට වඩා යම් හෝ හොදක් ඇත්නම් දැනට එය ආරක්ෂා කිරීම වටී.
රැකි රක්ෂා
රැකියාවේ කටයුතු ද දැඩි අවුල්කාරි තත්වයක පවතී. රැකියා ආරක්ෂා කරගන්න. වෙළද සමාගම් වල සේවයේ නියුතු අය රැකියා වෙනස් කිරිම මහා පරිමාණයෙන් දුකට වැටිමට හේතුවකි.
ගෘහ ජිවිතය
පවුල් ජිවිතයේද ඒ තරම් යහපත් නොවේ. මෙම තත්වය මැයි මසින් පසු යම් තරමක් දුරට යහපත් වේ. ස්වාමි බිරිඳ දෙදෙනා අතර ගැටුම්ද දරුවන් දෙමාපියන් සමග ගැටුම්ද ඇතිවේ. ඒවා අවම කිරිමට වග බලාගන්න.
සෞඛ්‍ය
සෞඛය තත්වය සාමාන්‍යය වේ. හර්නියා, වෘෂණ කෝෂ වල ආබාධ
කාන්තාවන්ට ගර්භාෂගත රෝග, යටි බඩේ රෝග ඇතිවිය හැක. මේවා ඇත්නම් ප්‍රතිකාර කරවා ගන්න.

ධනු
ඔබට වාසනාවන්ත වසරකි 2014.

ධනය
ධන තත්වය යහපත් වේ. අලුත් ආදායම් මාර්ග ලැබේ. වසරේ මුල් භාගයේදිම තමන්ගේ ක්‍රියා කලාප නිසා මුදල් හදල් එන ආදායම් මාර්ග ඇතිවේ. වචනයෙන් පවා මුදල් ලැබේ. නව ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට සැපයට අවශ්‍ය සියලුම දේවල් වලට මුදල් ආයෝජනය කිරීමට ලැබේ. ස්විප් දිනුම් ඇතිවේ. උත්සහ කරන්න.
රැකි රක්ෂා
රැකියාවේ කටයුතු දියුණු වේ. ආයතන ප්‍රධානින් සමග සුහදව වැඩ කිරිමට හැකියාව ඇත. තමන්ට වැඩි වැටුප් සමග නිලතල තාන්න මාන්න ලැබේ. ත්‍රිවිධ හමුදා පොලිසියේ නිලලත් ආයතන වල සේවයේ නියුතු අයට විශේෂ උසස්වීම් ලැබේ. එමෙන්ම දේශපාලනය කරන අයට 2014 සුබයි.
ගෘහ ජිවිතය
පවුල් ජිවිතය යහපත් වේ. විවාහ බලාපොරොත්තු ඉෂ්ඨ වේ. විවාහපේක්ෂිත ධනු ලග්න පිරිමි පාර්ශවයට ගැහැණු පාර්ශවයන්ගෙන් දෑවැදි ලැබේ. සුබ කාලයකි.
සෞඛ්‍ය
සෞඛ්‍ය තත්වයද එතරම් පිරිහීමට ලක් නොවේ. සුළු සුළු අසනීප හැරුනු කොට මහ පරිමාණ සෞඛ්‍ය ගැටළු නොපෙන්වයි.

මකර
සියලුම මකර ලග්න හිමියන්ට සුබ වසරක්ම වෙයි මේ වසර 2014.

ධනය
ධන තත්වය වරින් වර වසර තුලදී උච්චාවචනය වේ. එය ගණන් ගතයුතු දෙයක් නොවේ. තමන්ගේ උත්සාහයෙන් තමන්ට වාසි සලසා ගත හැක. ඉදිකිරීම් කටයුතු ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැල් එමෙන්ම සංචාරක කටයුතු කරන අයට ආර්ථික වාසි ඇතිවේ.

රැකි රක්ෂා
රැකියාවල නියුතු අයට විශේෂයෙන් වගකීම් සහගත අයට මෙම කාලයේදි යම් යම් දුෂ්කරතා මතුවේ. “එමෙන්ම වයසක ආයතන ප්‍රධානින්ගෙන් ලාබාල තරුණ තරුණියන් දෙපක්ෂයටම යම් යම් අතවර හෝ යම් යම් බලපෑම් ඇතිවීමට ඉඩ හැක. එයින් බේරීමට ඔබට බුද්ධිය තිබිය යුතුය“. මෙය විශේෂයෙන්ම අවධාරණය කරමු. එමෙන්ම ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ අයට දුෂ්කර ප්‍රදේශ වල සේවයට අනුයුක්ත වීමට සිදුවිය හැක. මෙම තත්වයන් වසර මැදදී වෙනස් විය හැක.
ගෘහ ජිවිතය
සාමාන්‍ය පරිදි ගත වනු ඇත. මකර ලග්නයේ පිරිස් ගෙදරදී කලකිරිමට අවශ්‍ය වන වටපිටාව නිර්මාණය කරගැනීමට ඉඩ ඇත.
සෞඛ්‍ය
උදරාබාධ නිදන්ගත රෝග උත්සන්න වීම්, ශරීරයේ මදුමේහය ඇතිවීමට යම් යම් කරුණු කාරණා ඇතිවීමට ඉඩ ඇත. ප්‍රවේශම් වන්න. ගැබිණි මාතාවන්, විශේෂයෙන්ම පෝෂණ අවශ්‍යතාවයන් සපුරා ගැනීම කල යුතු බව දන්වමු.

කුම්භ
මෙම වසර ඔබට සුබ වසරකි.

ධනය
ආර්ථික තත්වය දැනටද මහා පරිමාණයෙන් දුර්වල වී නොමැත. සාමාන්‍ය පරිදි ඇත. වැඩිහිටි ඥාතින්ගෙන් උරුමහරුමකම් ලැබේ. සහෝදරයන්ගෙන් සමාජයෙන් උදව් උපකාර ලැබේ. ආනයන අපනයන වෙළඳ කටයුතු කරන අයට මෙම කාලය යහපත් වේ. ශුභ පලයි. ස්විප් දිනුම්, හදිසි ධන ලාභ ලැබෙන කාලයකි.
රැකි රක්ෂා
කටයුතු යහපත් වේ. නව රැකියා ලැබේ. වෙලද ආයතන වල විදේශ රැකියාවන්හි සහ නාවික, ගුවන් එසේම යම් ක්ෂෙත්‍ර වල සේවයේ නියුතු තවද කෘෂිකාර්මික ක්ෂෙත්‍රයේ නියුතු සහ එහි පාලකයන්ට ඉතාම සුභ පලයි. ධනය ලැබේ. ඉතිරි කරගැනීම මෙම ලග්න හිමියන් සතු වගකීමයි. යහපත් යටත් සේවකයන් ලැබේ. තමන්ට හිතවත් එම සේවකයින් තමාට සංවේදි වන්නේ මෙම වසරේ ජුනි වලින් පසුව බව කියමි.
ගෘහ ජිවිතය
යහපත් වේ. අඹු සැමි ප්‍රීතිය ඇතිවේ. ප්‍රීති සම්භාෂණ වලට සහභාගි වීමට හැකි වේ. සමහරවිට පවුලේ අය සමග පිටරට සවාරි යාමට හැකියාව ඇත. එසේම පවුලට අලුත් සාමාජිකයින් ඇතිවේ. දරු සම්පත්ද ඇතිවේ. විවාහ කටයුතු මල් ඵල ගන්වයි. අවිවාහක එසේම, විවාහ කටයුතු නොමැතිව සිටි පසුතැවෙමින් සිටි අයට එම කටයුතු සඵල වේ. ප්‍රබලවම එම කටයුතු සාර්ථක වනු ඇත. නව පෙම් සබදතා ඇතිවිය හැක (තරුණියන්ට නව තරුණයන්ද, තරුණයන්ට නව තරුණියන්ද මුණ ගැසේ).
සෞඛ්‍ය
නිදන්ගත රෝග ඇති අය ඒවා පාලනය කිරීමට උත්සහ කරන්න. සැප වැඩිවීම නිසා මෙම රෝග උත්සන්න වීමට ඉඩ ඇත. ඒ හැරුණු කොට සෞඛ්‍ය ගැටළු මහ පරිමාණයෙන් හට නොගනී.

මීන
මීන ලග්න ඔබට සුබයි.

ධනය
ආර්ථික තත්වය යහපත් වේ. නිකන් ඉදගෙන වාගේ මුදල් හම්බකිරිමට හැකියාව ඇත. බ්‍රෝකර් වැඩ වලින් දුරකථන ඇමතුම් වලින් යම් යම් වෙලද ව්‍යාපාර කටයුතු එනම් සම්බන්ධීකරණ කටයුතු කරන අයට මෙම කාලය වාසිදායකය. එමෙන්ම නව නිවාස වාහන ගැනීමට මුදල් ලැබේ. පොදුවේ ආර්ථික තත්වය යහපත් වේ, හදිසි ධනලාබද ඇතිවේ. මෙම සුබ පල මැයි මසින් පසු සීග්‍රග්‍රාමි වේ.
රැකි රක්ෂා
රැකියාවේ කටයුතුද දියුණු වේ. නව රැකියා ලැබේ. තානාපති ධූර සම්බන්ධීකරණ ලේකම් ධූර දේශපාලනික ව්‍යාපාරික කටයුතු කරන අයට ඉතාම ශුභයි. කාන්තාවන් බහුතරයක් සමග එක්වී රැකියා කරන අයට ඔවුන්ගේ උදව් උපකාර ලැබේ. මීන ලග්නයේ අයට උසස් වනිතා පක්ෂයේ උදව් උපකාර ලැබේ.
සියලුම රැකියා කරන අයට ශුභයි.
ගෘහ ජිවිතය
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගත වේ. වසරේ මුල් මාස 2, විවාහ ජිවිතයෙදී දෙදෙනා අතර ඉවසීම අවශ්‍ය වේ. ඉන්පසු සුභයි. අවිවාහක අයට, මංගල යෝග ලැබේ. ප්‍රේම සම්බන්ධතා සපල වේ. ප්‍රේම සබදතා ස්ථිර වේ. ඊට සම්බන්ධ සියලුම කටයුතු සාර්ථක වේ. අලුත් මිතුරු මිතුරියන් ආශ්‍රයට අවස්ථාව ලැබේ. ඔවුන්ගෙන් උදව් උපකාර ලැබේ. ඉතාම ශුභයි ! නිවසට නවීන ගෘහ භාණ්ඩ සැපයට අවශ්‍ය සියලුම උපකරන ලැබේ. හදිසි ධනලාභ ලැබේ.
සෞඛ්‍ය
ඇගේ ඌෂ්ණාධික රෝග, අර්ශස් රෝග තිබෙන අයට එම සංකූලතා වැඩිවීමට නියමයි. ඇගේ දාහ ගතිය ඇතිවේ. සෙම් රෝග ඇතිවේ. හිසේ බර ගතිය ඇතිවේ. මේවා පාලනය කරගන්න. විවාහ වන අය මැයි මසින් පසු දරුවන් බලාපොරොත්තු වීම මැනවි.


(ඉහත පලාපල වෙනස්වීමට හෝ අඩුවැඩි වීමට ඔබගේ වත්මන් ග්‍රහ දශා බලපායි. මෙය සමස්ත පලාපලයක් බව කරුණාවෙන් සලකන්න.)

Sri Lankan Burning Center Soft New Version ...


  අපේ දේ - Sri Lankan Burning Center එකේ අළුත්ම Version එක
 

ඕනෙම විදිහකට Burn කරන්න මෙන්න 100% ශ්‍රී ලාංකික බාන්ඩයක්. මේ මගේ දෙවැනි software එකේ දෙවැනි version  එක. ඉතින් මේක 4.77 MB විතරයි වෙන්නෙ. මේකෙන් CD එකේ ඉදල Dual Layer Blue-Ray Disk දක්වා  Disk වර්ග Burn කරන්න වගේම Erase කරන්නත් හැකියාව තියනව. ඉතින් ඔබත්  ලංකාවෙ පුරවැසියෙක්නම් නිකමට හරි බාගෙන හොද නරක Comment කරන්න. එතකොට මේක තව දියුනු කරන්න පුලුවන්. ඉතින් comment කරයි කියන විස්වාසෙන් අපි මේක ඔයාල ඔක්කටම මෙහි දෙවැනි version එකත් Free Release කරනව. බා ගෙනම බලන්න.
ඉතින් පලවෙනි version එකේ තිබ්බ පොඩි පොඩි අඩුපාඩු අවම කරල තමා මේ අලුත් version එක අද release කරන්නෙ. ඉතින් ලංකාවෙ අපේම නිපැයුමක් නිසා ලංකාවෙ අපේ කොල්ලො කෙල්ලො මේක බාගෙන නිකමට හරි බලයි කියල අපි හිතනව. ඉතින් සම්පූර්ණයෙන් නොමිලේ ලබා දෙන නිසා අපි බලාපොරොත්තු වෙන්නෙ ඔයාලගෙ අදහස් උදහස් යෝජනා චෝදනා තමා, ඉතින් ඒව කියල comment කරන්න ඔයාල හැමෝම.
https://dl.dropboxusercontent.com/s/asdzai7jd7mcjvm/Sri%20Lankan%20Burning%20Center%201.1%20IT%20%20%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%20%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%20%20.rar?dl=1&token_hash=AAFxx7f1Q3R-0EqD2MOfsNijBI5lbW7JBFhZuO0BAew9TQ
Sri Lankan Burning Center.rar
4.77 MB

Microsoft Product One Shot Activate..

     මයික්‍රෝසෝෆ්ට් ඔක්කෝම එකම තැනකින් ඇක්ටිවු කරගන්න..


හරි අපි අද ඔයාලට දෙන්න යන්නේ ගෝඩාක් වටින කියන දෙයක්.අයේ මෙක ඇවිල්ලා පට්ට භාණ්ඩයක්.මෙක හැමො ගාවම නෑ.තිබ්බත් දෙන්නේ නැති එකක් තමයි.මෙක ඇවිල්ලා Microsoft Product පාවිච්චි කරන අයට තමයි උමනා වෙන්නෙ.මෙක ඇවිල්ලා ඔයාලගේ Microsoft Product එකම වහලකින් ඇක්ටිව් කරගන්න වැඩක්.මෙක ඇවිල්ලා පොඩි සෝෆ්ට් කැල්ලක්...

මේක මම උඩකියුවා වගේ අපේ එදිනෙදා ජිවිතෙට හුගක් අත්‍ය අවශ්‍ය දෙයක්.මෙක ඉතින් ඔයාලට මම පහලින් දාන්නම් ඩවුන්ලෝඩ් කර ගන්න.

http://adf.ly/ZVbwI
හරි ඔයාලා ඔය සිප් ෆයිල් එක එස්ටැක් කරගන්න.ඔතන ඇක්ටිවෙටර් මහා හුගක් තියේනෝ.එවා ඔනම එකක් වැඩ.ඔය ඔනම එකකින් මයික්‍රෝසෝෆ්ට් Product ඔනම එකක් ඇක්ටිවු කරන්න පුළුවන්.ඔකේ ඔය සමහරක් එවයේ ඇක්ටිවෙට් කරන්න පුළුවන් සෝෆ්ට් එකේ නමත් ටයිප් කරලා තියේනෝ.ඔයාලා ඔය සෝෆ්ට් ඇක්ටිවු කරලා කෝම්පියුටර් එක රීස්ටාර්ට් කරන්නත් ඔනේ.....

ඔයාලා තාම ඔයාලා අසකරන ගේම්ස් ගේදේට්ට ගේන්න ගත්තේ නැද්ද එහේනම් දැන්ම යන්න

Game Deliver Premium Service 

දැන්ම ඔයාලත් ගෙන්න ගන්න තොග සිමිතයි..DVD 4 ක්ම වෙන්නේ රු.340.00 ක් වගේ සුළු ගනාක් ඔබත් අදම ගේන්වා ගන්න..දැන්ම අමතන්න පහත දුරකතන අංකයේන් කසුන්.

අමතන්න කසුන්:-077 028 8976

Express File Copy To U...

                 වේගයේන ෆයිල් කොපි කරන්න මගේන් තැග්ගක්..


පරිගණකය තුළ ඇති ඩ්‍රයිව් අතර හෝ එක් ස්ටර්නල් ඩ්‍රයිව් වෙතට ෆයිල් කොපි කිරීමට මෙහෙයුම් පද්ධතියේන් ලබා දෙන වේගය ප්‍රමාණවත් නොවෙන අවස්ථා එමටය.ධාරිතාවෙන් වැඩී ෆයිල් හුවමාරු කරන විට ඉවසාසිටින්නට බැරි තරම් කාලයක් ගතවීම වලක්වා ගන්නට තිබෙන හොදම ක්‍රමය, වේගයෙන් ෆයිල් කොපි කළ හැකි විශේෂ පරිගණක වැඩසටහනක උදව් ලබා ගැනිමයි.

හරි හරි මම උඩ කයිවාරු ගැහුවා තමයි හැබැයි මං ඒ කියුවේ ඔයාලට හෝදට.කමක නැ මම යටින් දාන්නම් ඒ සෝෆ්ට් එක ඩවුන්ලෝඩ් කර ගන්නකෝ...

 මෙහිදි ලැබෙන සෙටප් ෆයිල් එක මත ඩබල් ක්ලික් කළ විට මෙම වැඩ සටහන ඉන්ස්ටෝල් විම  ආරම්භ වෙයි.මෙම සෙටප් වැඩ සටහන ඉන්ටනේට් ඇති තැනකදී ඩවුන්ලෝඩ් කරගෙන, පෙන්ඩ්‍රයිව් එකක රදවා ඔනෑම පරීගණකයක් වෙත ගේනයා හැක .ඒවායේදී මෙය ක්‍රියාත්මක වීමට ඉන්ටනේට් සම්බන්ධයක් අවශ්‍ය නැත.


Browser Highjacker Virus Cleaner..

         බ්‍රව්සර් හයිජැකර් වයිරස් ඉවත් කරන්නේ මෙන්න මෙහෙම..

වෙබ් බ්‍රව්සරයට සම්බන්ධ වී ක්‍රියාත්මක වෙන නොයෙක් මැල්වෙයා වර්ගයේ වැඩ සටහන් දැන් පැතිරෙමින් තිබේ.බ්‍රව්සර් හයි ජැකර් (Browser Hijacker) කියා හදුන්වන්නේ මේවායි.නොමිලේ දෙන පරිගණක ක්‍රීඩා සහ ඇතැම් වැඩ සටහන් ඩවුන්ලෝඩ් කරන විට හෝ අප්ඩේට් කරන විට මෙම බ්‍රව්සර් හයිජැක් වැඩ සටහන්  වෙබ් බ්‍රව්සරය සමග බැදේ.
     
     මේවා විත් වෙබ් බ්‍රව්සරයට සම්බන්ධ වු විට අප සර්ච් කරන දේවල් සොයන්නට විවෘත වෙන්නේ අප කවදවත් භාවිතා කළ සුපුරුදු සර්ච් එන්ජිම නොව මැල්වෙයා වෙතින් සපයන අමුතු නම් ඇති වෙබ් පිටුවකි.මේවා පෙනුම අතින් උසස් වැඩ සටහනක් දෙන එවා මෙනි.එවිට ඉන් සර්ච් කරන්නට නිතැතින්ම පෙළඹෙ.මෙසේ මෙම සර්ච් එන්ජින් එක භාවිතා කර යම් දෙයක් සොයා ගත් විට ඊට සම්බන්ධ මතෘකා දැක්වෙන විවිධ දැන්වීම් එයි.එමෙන්ම අලුත් ටුල් බාර් එකක්ද වෙබ් බ්‍රව්සරය මත පෙන්වයි.

   මෙම මැල්වෙයා ඇති වෙබ් බ්‍රව්සරයක් හරහා අන්තර්ජාලයෙන් අප සොයා බලන දේ ගැන තොරතුරු මැල්වෙයා නිපදවුවන්ට ලබා දෙයි.මෙවැනි බ්‍රව්සර් හයිජැකර් වැඩසටහන් ඇන්ටි වයිරස් වැඩසටහන් වලට හසු නොවේ.එසේම වෙනත් බ්‍රව්සර් ප්ලගිං වැඩසටහන් මෙන් අන් ඉන්ස්ටෝල් කිරිමටත් නොහැකිය.එනිසා මේවා පරිගණකයෙන් ඉවත් කිරිමට නොහැකිය.එනිසා මේවා පරිගණකයෙන් ඉවත් කළ යුත්තේ අප විසින්මය.

   මේවා ඉවත් කිරිමට මුලින්ම වෙබ් බ්‍රව්සරයේ Option වෙත පිවිසිය යුතුය.දැන් එහි ඇති Home Page Tab එක තුලින් හෝම් පේජ් එක ලෙස www.google.com වැනි සාමාන්‍ය සර්ච් එන්ජින් එකක් ලබාදිය යුතුය.එමෙන්ම වෙබ් බ්‍රව්සර් එක තුළ යුආර්එල් සටහන්ව ඇති තැන් සොයා ඒ තැන්වල ඇති අප නොදන්නා යුආර්එල් මකා ඉවත් කළ යුතුය.එමෙන්ම Add-ons තුළින් තේරී ඇති ප්ලග්ඉන් අතරින් ටුල් බාර් ප්ලගින් සියල්ල ඉවත් කළ යුතුය.

   දැන් මැල්වෙයා එක නැවත අක්ටිවේට්වීම වැලැක්විය යුතුය.මෙය කරණු පිනිස යතුරු පුවරුවේ ඇති වින්ඩෝස් යතුර සමග R යතුරද තද කර ,Run ඩයලොග් බොක්ස් එක වෙත පිවිසිය යුතුය.ඒ තුළ msconfig යන්න සටහන් කර OK කළ යුතුය.(පහත රූපය පරිදි).


මෙවිට msconfig බොක්ස් එක විවෘත වෙයි.එහි ඇති Start up ටැග් එක සිලේක්ට් කළ යුතුය .මෙහෙයුම් පද්ධතියට ප්‍රෙවේශ්‍ර වූ විට ඉබේම ක්‍රියාත්මක වෙන සියලුම ෆයිල් මේ තුල පෙන්වයි.ඒවා අතරින් නිශ්චිත හදුනා ගතනොහැකි වැඩ සටහන් තෝරා ඩිසේබල් කර යුතුය.වින්ඩෝව්ස් 8 හීදී නම් Start up ටැග් එක සිලේක්ට් කළ පසු ටාස්ක් මැනේජර් වෙත යොමු වේ.(පහත රූපය පරිදී).ඒ තුලින් අනවශ්‍ය වැඩ සටහන් ඉවත් කළ යුතුය.


මීළගට  කමාන්ඩ් ප්‍රෝම්ප්ට් එක වෙත පිවිසිය යුතුය.මේ සදහා යතුරු පුවරූවේ වින්ඩෝස් යතුර සමග  R යතුරද තද කර ,Run ඩයලොග් බොක්ස් එක වෙත පිවිසිය යුතුය.ඒ තුළ cmd යන්න සදහන් කර OK බට්ටන් එක ක්ලික් කර විට කමාන්ඩ් ප්‍රෝම්ට් එක වෙකට පිවිසෙයි.ඒ තුළ del %temp%\*.exe/s/q යන විධානය ලබාදිය යුතුය.(පහත රූපය පරිදී)


 එවිට temp ෆෝල්ඩර් එක තුළ ඇති සියළුම exe ෆයිල් මැකී යයි.එවැනි ෆයිල් නැතිනම්  ඒ බව කියන පණිවිඩයක් පෙන්වයි.සාමාන්‍යෙයන් මෙතැන වැදගත් exe ෆයිල් නැති බැවින් දෝෂයක් ඇති වෙන්නේ නැත.ඉන් පසුව කලින් විදානය ලබා දුන් සේම del %temp%\*.dll/s/q යන විදානය ලබාදී temp ෆෝල්ඩර් එක තුළ ඇති සියලු dll ෆයිල්ද මකා දැමිය යුතුය.දැන් පරිගණකය රීස්ටාට් කළ යුතුය.එවිට සියලු මැල්වෙයාස් ඉයත්ව තිබෙනු පෙන්වයි.