Browser Highjacker Virus Cleaner..

         බ්‍රව්සර් හයිජැකර් වයිරස් ඉවත් කරන්නේ මෙන්න මෙහෙම..

වෙබ් බ්‍රව්සරයට සම්බන්ධ වී ක්‍රියාත්මක වෙන නොයෙක් මැල්වෙයා වර්ගයේ වැඩ සටහන් දැන් පැතිරෙමින් තිබේ.බ්‍රව්සර් හයි ජැකර් (Browser Hijacker) කියා හදුන්වන්නේ මේවායි.නොමිලේ දෙන පරිගණක ක්‍රීඩා සහ ඇතැම් වැඩ සටහන් ඩවුන්ලෝඩ් කරන විට හෝ අප්ඩේට් කරන විට මෙම බ්‍රව්සර් හයිජැක් වැඩ සටහන්  වෙබ් බ්‍රව්සරය සමග බැදේ.
     
     මේවා විත් වෙබ් බ්‍රව්සරයට සම්බන්ධ වු විට අප සර්ච් කරන දේවල් සොයන්නට විවෘත වෙන්නේ අප කවදවත් භාවිතා කළ සුපුරුදු සර්ච් එන්ජිම නොව මැල්වෙයා වෙතින් සපයන අමුතු නම් ඇති වෙබ් පිටුවකි.මේවා පෙනුම අතින් උසස් වැඩ සටහනක් දෙන එවා මෙනි.එවිට ඉන් සර්ච් කරන්නට නිතැතින්ම පෙළඹෙ.මෙසේ මෙම සර්ච් එන්ජින් එක භාවිතා කර යම් දෙයක් සොයා ගත් විට ඊට සම්බන්ධ මතෘකා දැක්වෙන විවිධ දැන්වීම් එයි.එමෙන්ම අලුත් ටුල් බාර් එකක්ද වෙබ් බ්‍රව්සරය මත පෙන්වයි.

   මෙම මැල්වෙයා ඇති වෙබ් බ්‍රව්සරයක් හරහා අන්තර්ජාලයෙන් අප සොයා බලන දේ ගැන තොරතුරු මැල්වෙයා නිපදවුවන්ට ලබා දෙයි.මෙවැනි බ්‍රව්සර් හයිජැකර් වැඩසටහන් ඇන්ටි වයිරස් වැඩසටහන් වලට හසු නොවේ.එසේම වෙනත් බ්‍රව්සර් ප්ලගිං වැඩසටහන් මෙන් අන් ඉන්ස්ටෝල් කිරිමටත් නොහැකිය.එනිසා මේවා පරිගණකයෙන් ඉවත් කිරිමට නොහැකිය.එනිසා මේවා පරිගණකයෙන් ඉවත් කළ යුත්තේ අප විසින්මය.

   මේවා ඉවත් කිරිමට මුලින්ම වෙබ් බ්‍රව්සරයේ Option වෙත පිවිසිය යුතුය.දැන් එහි ඇති Home Page Tab එක තුලින් හෝම් පේජ් එක ලෙස www.google.com වැනි සාමාන්‍ය සර්ච් එන්ජින් එකක් ලබාදිය යුතුය.එමෙන්ම වෙබ් බ්‍රව්සර් එක තුළ යුආර්එල් සටහන්ව ඇති තැන් සොයා ඒ තැන්වල ඇති අප නොදන්නා යුආර්එල් මකා ඉවත් කළ යුතුය.එමෙන්ම Add-ons තුළින් තේරී ඇති ප්ලග්ඉන් අතරින් ටුල් බාර් ප්ලගින් සියල්ල ඉවත් කළ යුතුය.

   දැන් මැල්වෙයා එක නැවත අක්ටිවේට්වීම වැලැක්විය යුතුය.මෙය කරණු පිනිස යතුරු පුවරුවේ ඇති වින්ඩෝස් යතුර සමග R යතුරද තද කර ,Run ඩයලොග් බොක්ස් එක වෙත පිවිසිය යුතුය.ඒ තුළ msconfig යන්න සටහන් කර OK කළ යුතුය.(පහත රූපය පරිදි).


මෙවිට msconfig බොක්ස් එක විවෘත වෙයි.එහි ඇති Start up ටැග් එක සිලේක්ට් කළ යුතුය .මෙහෙයුම් පද්ධතියට ප්‍රෙවේශ්‍ර වූ විට ඉබේම ක්‍රියාත්මක වෙන සියලුම ෆයිල් මේ තුල පෙන්වයි.ඒවා අතරින් නිශ්චිත හදුනා ගතනොහැකි වැඩ සටහන් තෝරා ඩිසේබල් කර යුතුය.වින්ඩෝව්ස් 8 හීදී නම් Start up ටැග් එක සිලේක්ට් කළ පසු ටාස්ක් මැනේජර් වෙත යොමු වේ.(පහත රූපය පරිදී).ඒ තුලින් අනවශ්‍ය වැඩ සටහන් ඉවත් කළ යුතුය.


මීළගට  කමාන්ඩ් ප්‍රෝම්ප්ට් එක වෙත පිවිසිය යුතුය.මේ සදහා යතුරු පුවරූවේ වින්ඩෝස් යතුර සමග  R යතුරද තද කර ,Run ඩයලොග් බොක්ස් එක වෙත පිවිසිය යුතුය.ඒ තුළ cmd යන්න සදහන් කර OK බට්ටන් එක ක්ලික් කර විට කමාන්ඩ් ප්‍රෝම්ට් එක වෙකට පිවිසෙයි.ඒ තුළ del %temp%\*.exe/s/q යන විධානය ලබාදිය යුතුය.(පහත රූපය පරිදී)


 එවිට temp ෆෝල්ඩර් එක තුළ ඇති සියළුම exe ෆයිල් මැකී යයි.එවැනි ෆයිල් නැතිනම්  ඒ බව කියන පණිවිඩයක් පෙන්වයි.සාමාන්‍යෙයන් මෙතැන වැදගත් exe ෆයිල් නැති බැවින් දෝෂයක් ඇති වෙන්නේ නැත.ඉන් පසුව කලින් විදානය ලබා දුන් සේම del %temp%\*.dll/s/q යන විදානය ලබාදී temp ෆෝල්ඩර් එක තුළ ඇති සියලු dll ෆයිල්ද මකා දැමිය යුතුය.දැන් පරිගණකය රීස්ටාට් කළ යුතුය.එවිට සියලු මැල්වෙයාස් ඉයත්ව තිබෙනු පෙන්වයි.

0 comments:

Post a Comment