පුදනකොටම කාපි යකා (USA Rocket Accsident)


සංචාරක ව්‍යාපාරයත් අභ්‍යාවකාශයට ගෙනයෑමට උත්සාහ කරන සමාගම් අතුරින් ඉදිරියෙන්ම සිටින ඇමරිකාවේ වර්ජින් ගැලැක්ටික් සමාගම අභ්‍යාවකාශ සංචාරය සඳහා නිර්මාණය කළ පළමු යානය පසුගියදා පරීක්ෂණ ගමනක යෙදෙමින් තිබියදී පුපුරා විනාශ විය.
මව් යානයෙන් ගුවනේ ඉහළට යෙන යනු ලැබුණු අභ්‍යාවකාශ යානය අභ්‍යාවකාශය වෙත යෑමට නිදහස් කළ අවස්ථාවේදී පිපිරී ගියේය.යානයේ සිටි නියමුවන් දෙදෙනාගෙන් එක් අයෙකු වහා තම පැරෂූටය කි‍්‍රයාත්මක කරවා යානයෙන් ඉවතට පැන ජීවිතය ගලවාගත්තද ගත්තද අසුන් පටියකින් අසුනට සිරවී සිටි අනෙක් නියමුවාට එවන් වාසනාවක් නොවීය.
විනාශවූ යානයේ සුන්බුන් වැස්සක් මෙන් පොළවට ඇද හැලූණු බව සිද්ධිය දුටුවෝ කියති.
යානයේ විනාශයට හේතුව රොකට්ටුවේ වූ දෝෂයක් බවට සැකකෙරේ.
අභ්‍යාවකාශය ජයගැනීම සම්බන්ධයෙන් වර්ජින් ගැලැක්ටික් පාලනාධිකාරිය හා එහි ඉංජිනේරුවන් අතර මත ගැටුම් ඇතිවෙමින් තිබුණු බව ප‍්‍රසිද්ධ රහසකි.පාලනාධිකාරියට අභ්‍යාවකාශ සංචාරය ඉක්මනින්ම ආරම්භ කිරීමට අවැසි වූවත් ඉංජිනේරුවන්ගේ අදහස වී තිබුණේ අභ්‍යාවකාශ යානා නිර්මාණය සම්බන්ධයෙන් තවත් පර්යේෂණ සිදුකළ යුතුව ඇතැයි යන්නයි.
මේ මත ගැටුම නිසාම ඉංජිනේරුවන් බොහෝ දෙනෙක් සමාගමෙන් ඉල්ලා අස්ව ගොස් ඇතැයි සදහන්ය.
වර්ජින් ගැලැක්ටික් සමාගම අභ්‍යාවකාශ සංචාරයේ යෙදීමට කැමැති අයට මේ වන විට ටිකට්පත් විකුණාද අවසන් අතර ඒවා මිලයට ගෙන ඇත්තේ ලෝක ප‍්‍රකට සිනමා හා ගී තරුය.එක් ටිකට් පතක් ඩොලර් දෙලක්ෂ පණස්දහසක මුදලකට මිල කර තිබුණි.
මධ්‍යස්ථ මත දරන්නන් පවසන්නේ අභ්‍යාවකාශ සංචාරය යනු නව සංකල්පයක් හෙයින් ආරම්භයේදී මෙවැනි අනතුරු අපේක්ෂා කළ යුතුව ඇති බවයි.
මේ සම්බන්ධයෙන් වර්ජින් ගැලැක්ටික් සමාගම තවමත් ප‍්‍රකාශයක් හෝ නිකුත් කර නොමැත.

0 comments:

Post a Comment